මිරිදිය ධීවර ජනතාව නඟාසිටුවීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් ලක්ෂයේ නිවාස ආධාර ප්රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද [ 26 ] දින සිදුකෙරිණ .
මෙලෙස රුපියල් ලක්ෂයේ නිවාස ආධාර චෙක්පත් ලබාගත් මිරිදිය ධීවර පවුල් සංඛ්‍යාව 34 කි .
ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන “ වැවක් ගමක් සමග දියවර අරුණ ” වැඩසටහන යටතේ මිරිදිය ධීවර ජනතාව නගාසිටුවීම සදහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් මත විශේෂ නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකය .
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,
“ මේ නිවාස ආධාර වැඩපිළිවෙල යටතේ නියම ධීවරයා වෙත ඒ ආධාර ලබාදීමට අපි කටයුතු කරගෙන යනවා . නියම සුදුස්සාට ආධාර ලබාදීමට හැකිවිමත් අපි ලද ජයග්‍රහණයක් . නමුත් පසුගිය පාලන කාලයේදීත් මෙවැනි ආධාර වැඩසටහන් අනන්තවත් ක්‍රියාත්මක කෙරුණා . ඒ ආධාර ගියේ කාටද . ඒ අය කළේ ඒ අයම බෙදාගැනීමයි . පසුගිය පාලන කාලයේ හදපු ගෙයකුත් නැහැ . ආධාර ලැබුණු කෙනෙකුත් නැහැ . නමුත් අපි රජයක් විදියට මේ කටයුතු නිවැරදිව කරගෙන යනවා .
ධීවර ජනතාවගේ හදගැස්ම දුක හඳුනන ඇමතිවරයෙක් ලෙස මේ කර්මාන්තයට ආදරය කරන කෙනෙක් විදියට ඔබ සියලු දෙනාගේ හෙට දවස සුරක්ෂිත කිරීම වගේම මේ කර්මාන්තය රැකගැනීම සදහාත් මම කැපවී සිටිනවා . ඒ වගේම සමස්ත ධීවර ජනතාවම නගාසිටුවාලීම සදහා ඉදිරියේදීත් කැපවනවා ” යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය .