බෝට්ටුව පෙරලී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිමින් වතුර පිර වූ ප්ලාස්ටික් බුලි දෙකක් ආධාරයෙන් මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් දෙදෙනා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ නිලධාරීන් විසින් බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගත් බව කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා පැවසීය
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කළුතර උතුර පොලිස් වසමේ පදිංචි සුමිත් පෙරේරා (50) හා ගුණදාස මහතුන් (60) යන ධීවරයන් දෙදෙනාය
මෙම ධීවරයන් දෙදෙනා පෙරේදා 7 මාළු ඇල්ලීම සඳහා මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටියදී ගොඩබිමට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් බෝට්ටුව පෙරලී අනතුරට ලක්වි තිබු බව පොලිසිය කියයි.
අධික වේගයෙන් පැමිණෙමින් තිබූ බෝට්ටුවේ වේගය එකවරම අඩු කිරීමත් සමගම පෙරළි අනතුරට ලක්වූ බව ධීවරයෙක් ප්‍රකාශ කළ බව පොලිසිය කියයි
ධීවර බෝට්ටුවක් අනතුරට ලක්වී ධීවරයන් දෙදෙනෙක් මුහුදට වැටී ඇති බවට කළුතර උතුර පොලීසියට ලද පණිවිඩයක් අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපති ප්‍රියංක ද ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදු වූ තත්ත්වයේ බැරෑරුම් කම වටහා ගෙන ගුවන් හමුදාව, නාවික හමුදාව , හා පොලිස් මූලස්ථානයට සිද්ධිය දැනුම් දී ධීවරයන් දෙදෙනා ගේ දිවි බේරා ගැනීම සඳහා සහාය වන ලෙස දැනුම් දීමට පියවර ගත් බව පොලිසිය කියයි
ඒ අනුව කළුතර නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීම සහන නිලධාරීන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ හදිසි ප්‍රතිචාර යාත්‍රාවක් ආධාරයෙන් ධීවරයන් සිටි ස්ථානය වෙත ගොස් අවස්ථා දෙකකදී ඔවුන් ගොඩබිමට රැගෙන ආ බව පොලිසිය කියයි
කළුතර-උතුරු පොලිසියේ ස්ථානගත කර තිබෙන 1990 සුවසැරිය ගිලන් රථය එම ස්ථාන ට ඒ වනවිටත් කැඳවා තිබූ අතර තිබූ අතර ධීවරයන් දෙදෙනාව නාගොඩ රෝහලට .මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත .
බිමල් ශ්‍යාමන් ජයසිංහ