බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ ( 03දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දිගින් මීටර් 81 ක් වන ‘ධලේශ්වරී’ නෞකාව ටොන් 1920 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 183 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹේන මාර්තු 06 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.
සිව් දින නිල සංචාරයක් සඳහා නෞකාව ශ්රී ලංකාවට පැමිණ තිබේ.