ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියා ඝාතනය කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ධර්මසිරි පෙරේරා අබුඩාබි පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“2018 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ගේ පියා වන රන්ජන්ද සිල්වා ඝාතනය කිරීම මෙහෙයවූ ධර්මසිරි පෙරේරා යන අය ඝාතයෙන් පසු රටින් පළාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වන බවට තොරතුරු වාර්තා වූණා.
ඔහු පිළිබඳව දිගින් දිගටම කරනු ලැබූ විමර්ශනවලිදී අණාවරණය වූයේ ඔහු මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍ය පුද්ගලයෙක් බව.
කෙසේ වෙතත් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මීට මාස කිහිපයකට පෙර අධිකරණය මගින් ඔහුට විරුද්ධව වරෙන්තුවක් ලබා ගනු ලැබුවා.
මෙම වරෙන්තුව ඉන්ටර්පොල් පොලීසිය වාර්තා කිරීමෙන් පසුව රතු නිවේදනයක් ඉල්ලා සිටියා. ඒ අනුව රතු නිවේදනය නිකුත් කරනු ලැබුවා.
මෙම රතු නිවේදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දැනුම් දීමෙන් පසුව පෙරේදා දිනයේදී මෙම සැකකරු අබුඩාබි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිළිබඳව ලංකාවේ ඉන්ටපෝල් ශාඛාවට දන්වා එවා තිබෙනවා. සැකකරු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රාජත්‍රාන්ත්‍රික කටයුතු සිදුකරමින් පවතිනවා.
ශ්‍රී ලංකාවේ අපරාධ කළ බොහෝ පුද්ගලයින් ඩුබායි හා අබුඩාබි වෙත පළාගෙස් තිබෙනවා”