දකුණු කොරියාව ලොවපුරා ඖෂධ සමාගම් හතරක් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දැනටමත් ඇණවුම් කරමින්, එරට මිලියන 44ක ජනතාව සඳහා කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත කඩිනමින් ලබාදීම සඳහා සූදානම් වෙයි.
ඒ අනුව, ඇස්ට්‍රාසෙනෙකා ඉන්කෝපරේෂන්, ෆයිසර්-බයෝඑන්ටෙක්, ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් සහ මොඩෙර්නා වෙතින් මෙම එන්නත් මිලදී ගැනීම සිදුකරන බව දකුණු කොරියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එරට සාත්තු නිවාසවල නිවැසියන් හා ඔවුන් රැකබලා ගන්නන් මෙන්ම, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් වැනි වෛරස් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙත මෙම එන්නත් ප්‍රථමයෙන් ලබාදෙනු ඇත.
කොරියානු රෝග පාලන හා නිවාරණ ඒජන්සියට අනුව, අඟහරුවාදා රට තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයන් 594ක් වාර්තා වී ඇති අතර, දේශීය ආසාදන 566ක්ද ඇතුළුව මුළු ආසාදන ප්‍රමාණය 38,755ක් දක්වා ඉහළ ගොස් තිබේ.