දකුණු කොරියාවේ ඉන්චියොන් හි උසස් පාසල් 66ක් කොරෝනා වෛරස ආසාදිතයන් හේතුවෙන් මැයි 20දා වසා දමන ලද අතර, එය මැයි 25දා නැවත විවෘත කරන බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වෛරසය පැතිර යාමෙන් පසුව යළි පාසල් විවෘත කළ පළමු වැනි දිනයේදීම උසස් පාසල් සිසුන් දෙදෙනෙකු වෛරසය ආසාදිතව හමුවීමත් සමග පැය දෙකක් තුළ යළිත් පාසල් වසා දැමුණි.
එතැන් සිට ආසාදිත සම්බන්ධතා සොයා ගැනීම සහ සිද්ධීන් සම්බන්ධ පරීක්ෂණ සිදුකළ බව දකුණු කොරියානු බලධාරීන් කියයි.
කෙසේ වෙතත් ආසාදිත ප්‍රදේශවලට ගොස් ඇති අනෙකුත් සියලුම සිසුන් සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් පෙන්වා ඇති අතර, පාසල් වසා තැබීමට තරම් දේශීය සම්ප්‍රේෂණය වීමේ අවදානම ඉහළ මට්ටමක නොමැති බව සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන බව අමාත්‍යාංශය පවසයි.
එසේම මැයි මස මුලදී ආරම්භ වූ දකුණු කොරියාවේ ඉටෙවෝන් රාත්‍රී සමාජශාලා පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට රෝගීන් 215ක් දක්වා පැමිණ ඇති බව දකුණු කොරියානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්යක්ෂ ජුන්ග් යුන්-කියොං පවසයි.
මැයි 9දා පමණ ප්‍රදේශයේ ප්‍රථම සිද්ධීන් මතුවීමට පටන් ගත් අතර, එම කාලය තුළ එම ප්‍රදේශයේ සිටියේ කවුරුන්ද යන්න සොයා බැලීමට බලධාරීන් ක්‍රෙඩිට් කාඩ් වාර්තා සහ ජංගම දුරකථන දත්ත එක්රැස් කළහ.
මේ වනවිට පුද්ගලයන් 77,000 කට වැඩි පිරිසක් සොයාගෙන පරීක්ෂාවට ලක් කර ඇති බව බලධාරීහු පවසති.
තහවුරු වූ ආසාදිතයන් 215 න් රෝගීන් 95 දෙනෙකුම ආසාදිත පුද්ගලයකුගේ අනුග්‍රහයෙන් රාත්‍රී සමාජශාලාවලට යාමෙන් වෛරසය වැළඳී ඇති බව දකුණු කොරියානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (KCDC) හි අධ්යක්ෂ ජුන් යුන්-කියොං පැවසීය.
අනෙක් ආසාදියන් 120 දෙනා මුල් රාත්‍රී සමාජශාලා පොකුරේ සාමාජිකයන් මුණ ගැසී ඇති පුද්ගලයන් බව හඳුනාගෙන ඇත.
දකුණු කොරියාවේ සමස්ත ආසාදිත අගය 11,165 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 266කි. එමෙන්ම ආසාදිතයන්ගෙන් 10,194 දෙනෙකු සුවය ලබා තිබේ.