දකුණු කොරියාව විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත පෙබරවාරි 26දා සිට හෙද රෝහල් සේවකයන් සහ වයස අවුරුදු 65ට අඩු 272,000 කට පමණ ලබා දෙන බව කොරියාවේ රෝග පාලන හා නිවාරණ ආයතනය පවසයි.
කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේ සිට අධි අවදානම් සහිත ස්ථානවල වෛරසය සමග පොරබදිමින් සේවය කරන වෛද්‍ය හා සෞඛ්‍ය සේවකයන් 350,000ක් පමණ සහ තවත් 78,000ක් දෙනා ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවෙන් සිටියි.
මේ තත්ත්වය තුළ කොවිඩ්-19 රෝගීන්ට සහ බෝවන රෝග සඳහා කැපවූ රෝහල්වල ප්‍රතිකාර කරන වෛද්‍ය නිලධාරීන් 55,000කට පමණ එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ෆයිසර් - බයෝඑන්ටෙක් ලබා ගැනීමට දකුණු කොරියාව සැලසුම් කරයි. ඉදිරි සති කිහිපය තුළ ලොව පුරා කොරෝනා එන්නත් බෙදා හැරීමේ වැඩසටහනක් වන COVAX හරහා ඒවා ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.