දකුණු කොරියාව පසුගිය පෙබරවාරි 18 වනදායින් පසු ප්‍රථම වතාවට කොරෝනා වෛරසය දේශීයව සම්ප්‍රේෂණය වූ නව අවස්ථා කිසිවක් ඊයේ (29දා) වාර්තා නොවූ බව පවසයි.
දකුණු කොරියානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (KCDC) අනුව නව ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වුවත්, ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන්ය.
මේ සමග දකුණු කොරියාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 10,765ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 247ක් බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
එම සංඛ්‍යා සක්‍රීය රෝගීන් ගණන පිළිබිඹු නොකරන අතර, වෛරසය පැතිර යාම ආරම්භ වූ දිනයේ සිට සමස්ත අගය ඉන් කියැවෙයි. ඒ අනුව මේ වනවිට රෝගීන් 9,059 දෙනෙකු සුවය ලබා තිබේ.