දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ශාලා පොකුරට සම්බන්ධ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
තහවුරු කරන ලද සිද්ධීන් 225 අතුරින් 96ක්ම සමාජ ශාලාවලට සෘජුවම යාමෙන් වෛරසය වැළඳී ඇති බවට විශ්වාස කෙරෙන අතර තවත් 129 දෙනෙකුට තහවුරු වී ඇති අසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් ආසාදනය වී ඇති බව විශ්වාස කෙරේ.
දකුණු කොරියාවේ සෝල් අගනුවර මැයි 9දා ආසාදිත පොකුර පිළිබඳ අනාවරණය වූ අතර, එය වහාම අනතුරු ඇඟවීමක් මතු කළේය.
දකුණු කොරියාව පෙබරවාරි සහ මාර්තු මාසවල උච්චාවස්ථාව පාලනය කර ගැනීමෙන් පසුව සීමාවන් ලිහිල් කිරීම සහ ඇතැම් ව්‍යාපාර ආරම්භ කර තිබුණි.
බීරහල් සහ රාත්‍රී සමාජශාලා සඳහා ජනප්‍රිය විනෝදාස්වාද දිස්ත්‍රික්කයක් වන ඉටෙවෝන් හි මෙම ආසාදිත පොකුර සංකේන්ද්‍රණය වී ඇති බව බලධාරීන් ඉක්මනින් හඳුනා ගත් අතර, කොවිඩ් -19 ආසාදිත 29 හැවිරිදි පුද්ගලයෙකු සමාජ ශාලා කිහිපයකට ගොස් එහිදී තවත් විශාල පිරිසකට වෛරසය සම්ප්‍රේෂණය කර තිබුණි.
ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව දකුණු කොරියාවේ මේ වන විට රට පුරා රෝගීන් 11,190ක් වාර්තා වී ඇති අතර, මරණ 266 කි.