දකුණු කොරියාව පැවසුවේ ගෙවීගිය සිකුරාදා දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 629ක් වාර්තා කර ඇති බැවින් සමාජ දුරස්ථ නීති දැඩි කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවය.
අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් පැවසුවේ පසුගිය මාසයේ අග භාගයේ දී සමාජ-දුරස්ථ නීති රීති යළි පනවා තිබියදීත් ආසාදන අඛණ්ඩව භයානක ලෙස ඉහළ යාම නිසා තත්ත්වය තීරණාත්මක බවය. ඒ අනුව සීමාවන් ඉහළ නැංවිය යුතුද යන්න රජය ඉරිදා තීරණය කරන බව ඔහු පැවසීය.
"අපි සමාජ දුරස්ථ නීතිරීති සෝල් අගනගරයේ දෙවැනි අදියර දක්වා ඉහළ නංවා දින 10ක් ගතවී ඇතත්, සම්ප්‍රේෂණය තවමත් පාලනය කළ නොහැකි බව පෙනෙනවා" යැයි යොන්හැප් ප්රවෘත්ති ඒජන්සියකට අනුව චුන්ග් රජයේ රැස්වීමකදී පැවසීය.
නව ආසාදිතයන්ගෙන් 295ක් සෝල් අගනුවරින් පැමිණි බව කොරියාවේ රෝග පාලන හා නිවාරණ ඒජන්සිය වාර්තා කරයි. දකුණු කොරියාවේ මේ වනවිට ආසාදන 36,332ක් වාර්තා වී ඇති අතර මරණ 536 කි.
එමෙන්ම ගෙවීගිය බ්‍රහස්පතින්දා සිසුන් මිලියන භාගයකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය තවත් ආසාදන ප්‍රභවයක් විය හැකි බවට බලධාරීන් සැලකිලිමත් වෙයි.