දකුණු කොරියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ 100කට වැඩි පිරිසක් පසුගිය පෙබරවාරි මැද භාගයේ සිට ශරීර යෝග්‍යතා උපදේශක පන්තියකට සම්බන්ධව සිටි පිරිසක් බව නවතම විමර්ශනයකින් සොයාගෙන තිබේ.
මෙම ආසාදිතයන් මාර්තු මස මුල් සතියේ හඳුනාගෙන තිබුණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ නවතම අධ්‍යයනයට අනුව කොරෝනා වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් ලබාදෙන බව දකුණු කොරියානු විමර්ෂකයෝ පෙන්වා දෙති.
මෑතකදී දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ නව ආසාදිත පොකුරත් මෙවැනිම සංවෘත අවකාශයන්හි වෛරසය වේගයෙන් පැතිරීමේ ප්රතිඵලයකි.