කොඩිඩ්-19 වෛරසයේ නවතම ප්‍රභේදයක් වන දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු වෛරස ප්‍රභේදයෙන් තමන් ඇදහිය නොහැකි තරම් කනස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කළ අතර, එය බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණු වෛරසයේ නව ප්‍රභේදයට වඩා ගැටලු අති කරන බව ඔහු කියයි.
හැන්කොක් පවසන්නේ මෙය ඉතා අවධානයට යොමුකළ යුතු ගැටලුවක් බවට පත්ව ඇති බවයි. එක්සත් රාජධානිය මේ වනවිටත් දකුණු අප්‍රිකාවෙන් ගුවන් ගමන් සීමා කර ඇති අතර, එතැන් සිට රටට පැමිණෙන ඕනෑම කෙනෙකු නිරෝධායනය වෙත යොමුවීමට නියෝග කර තිබේ.
මේ අතර, දකුණු අප්‍රිකානු වෛරස ප්‍රභේදය සඳහා කොරෝනා වෛරසයට එරෙහි වර්තමාන එන්නත්වල ඵලදායීතාවය පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්රමුඛ පෙළේ විද්‍යාඥයෙකු පවසා තිබේ.
"මගේ විශ්වාසයේ හැටියට නම් බ්‍රිතාන්‍යයේ වෛරස ප්‍රභේදයට එරෙහිව එන්නත තවමත් ඵලදායී වනු ඇති" ශ්‍රීමත් ජෝන් බෙල් ටයිම්ස් රේඩියෝවට පැවසීය. "මම දකුණු අප්‍රිකානු ප්‍රභේදය සම්බන්ධයෙන් කතා කළොත්, ඒ පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථ ලකුණක් තිබෙනවා."
එක්සත් රාජධානියේ ප්‍රභේදය ගිණිකොණදිග එංගලන්තයේ ආරම්භ වූ බව විශ්වාස කෙරෙයි. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසන්නේ මෙම නව ප්‍රභේදයේ රටාව වඩාත් පහසුවෙන් සම්ප්‍රේෂණය වන නමුත් එය වඩාත් දරුණු රෝග ඇති කරන බවක් නොපෙන්වන බවය.
"දකුණු අප්‍රිකානු ස්වරූපයට සම්බන්ධ වෛරස ප්‍රභේදයේ ඇත්ත වශයෙන්ම ප්‍රෝටීනවල ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවෙනවා" බෙල් තවදුරටත් පැවසීය.