සමගි සන්ධාන වීමේ ක්‍රියාවලියේදී හා එකමුතුකම ඇති කිරීමේදී ශ්‍රී ලංකාවට දෙවැනි පෙළ තරුණ දමිළ දේශපාලකයන් අවශ්‍ය වුවත් අවාසනාවකට එවැනි තත්ත්වයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ.
“සමගි සන්ධාන වීමට යම් කාලයක් ගතවෙනවා. එක රාත්‍රියකින් තුවාල සුව වෙන්නේ නෑ. එය ශ්‍රී ලංකා හමුදාව හා දමිළ ජනතාව අතර පැවැති යුද්ධයක් නොවේ. එය ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදී සංවිධානයක් හා පැවැති යුද්ධයක්. සමගි සන්ධාන වීමේ ක්‍රියාවලියේදී හා එකමුතුකම ඇතිකිරීමේදී අපිට දෙවැනි පෙළ තරුණ දමිළ දේශපාලකයන් අවශ්‍යයි.
අවාසනාවට අපිට දෙවැනි පෙළ දමිළ දේශපාලකයන් නෑ. කාර්යක්ෂම හා අධ්‍යාපනය ලද දමිළ නායකයන් එල්.ටී.ටී.ඊ . සංවිධානය විසින් ඝාතනය කළා. දීර්ඝ කාලීන විසඳුමක් සඳහා දේශපාලන පක්ෂ තරුණ දමිළ නායකයන්ට අවස්ථාව ලබාදිය යුතු බව මම සිතනවා. ” යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.