වව්නියාව බණ්ඩාරිකුලම් ප්‍රදේශයේදී ඊයේ (19දා) සවස පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේද පදිංචි එස්.තංගරූබන් (36) නමැත්තෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ පුද්ගලයාගේ ප්‍රේම සබඳතාවකට දෙමාපියන් විරුද්ධවීම හේතුවෙන් දෙමාපියන් බියවද්දා කැමති කරවා ගැනීමට නිවසේ තිබූ මන්නයකින් ගෙල කපා ගැනීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
වව්නියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.