ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ එකම පවුල් කීපයක කෝවිඩ් ආසාධිතයින් 12 දෙනෙකු 28 දින හමුවු බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පැවසිය .
මෙසේ ආසාදිත වි ඇති පිරිස අවුරුදු සමරමින් පසුගිය දින වල සාද පවත්වමින් එකට සිට ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම දිවුල්වැව එකම පවුලේ ඥාතින් පිරිස මෙසේ කෝවිඩ් ආසාධිත වී ඇත්තේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි තරුණ ඥාති කාන්තාවක් මගින් බවයි.
මෙම ආසාධිත පිරිසේ දරුවන් දිවුල්වැව කණිෂ්ඨ විද්‍යාලයට පසුගිය සිකුරාදා පැමින ඇති බවත් ඒ නිසා පාසලේ දරුවන්ද යම් අවධානම් තත්වයකට මුහුන දී ඇති බව සෞඛ්‍ය අංශ අනාවර්ණය කරති .
ඒ සමගම ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසා සිටියේ මෙම ආසාධිතයින් හේතුවෙන් ආශ්‍රිතයින් 100 ඉක්මවමින් සිටින බවත් ඒ පිරිස සොයා නිරෝධායනයට යොමුකරමින් සිටින බවයි.