හැටන්, දික්ඔය හැඩ්ලි තේ වතුයායේ තිබූ දිවියෙකුගේ සිරුරක් අද (02දා) උදෑසන හමුවී තිබේ.
අඩි හතරක පමණ දිගකින් යුත් මෙම සත්ත්වයාගේ සිරුර එම වතුයායේ මෑතකදී කප්පාදුවකට ලක් නොකරන ලද හා තේ දලු නෙළීම අතහැර දමා ඇති තේ ගස් කිහිපයක් අතර තිබියදී සොයාගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකු විසින් සතුන් දඩයම් කිරීමට අටවන ලද මන්දකට හසුවී සිටි අති මෙම දිවියා දරුණු ලෙස තුවාල කර ඝාතනය කරන්නට ඇති බව සැකකෙරෙයි.
චන්දන ජයවීර