ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජුනි මස 19 වැනි දින සිට ජූලි මස 04 වැනි දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි බලපත්‍ර ලත් සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මීට අමතරව පොසොන් පොහොය නිමිත්තෙන්ලබන මස 03වැනි දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව හෙට ( 31දා) සිට ලබන මස 06 වැනි දින දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත්කොට ඇති පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලු මත්පැන් හල් වසා තැබීමටද පියවර ගෙන ඇත.
මත්පැන් හල් වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන අය සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇත.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජුනි මස 19 වැනි දින සිට ජූලි මස 04 වැනි දින දක්වා කතරගම ඇසළ උත්සව භූමිය සහ අවට ප්‍රදේශවල
ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කණ්ඩායම් රාජකාරියේ යෙදවීමට තීරණය කර තිබේ.
ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගි වීමට පැමිණෙන බැතිමතුන් කිසිවකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජාභූමිය තුළට ගෙන ඒම සපුරා තහනම් බවත්, පූජාභූමිය එම කාලසීමාව තුළ මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගෙන යෑටම කටයුතු කරන බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.