පැය ගණනාවක් අරලිය ගහ මන්දියර තුළ සිරව සිටි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ආරක්ෂක අංශයේ දැඩි ආරක්ෂාවක් මැද එයින් පිටතට ගෙන ඇති බව වාර්තාවෙයි.
ඔහුගේ ආධාරකරුවන් මයිනාගෝගමට හා ගෝඨාගෝගමට පහරදිමෙන් පසුව අරගලකරුවන් ඇතුළු ජනතාව අවස්ථා කිහිපයකදීම අරලිය ගහ මන්දිරය වටකිරිමට කටයුතු කළේය.
කෙසේ වෙතත් ආරක්ෂක අංශ මැදිහත්ව ඔවුන්ට අරලිය ගහ මන්දිරය තුළට යාමට අවස්ථාවක් නොදුන්නේය.