පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සෑම වර්ෂයකම මහනුවර ශ්රී දළදා මාලිගාවේ පොසොන් පෙරහැර පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අද(05) පෙරහැර සංචාරය කිරිම ඉතාම චාම්ව ශ්රී දළදා මාලිගාවේ චතුරශ්රයට පමණක් සිමා වි සිදුවිය.
සෑම වර්ෂයකම පොසෙන් පෝය දින පස්වරුවේ මෙම පෙරහැර වීදි සංචාරය කරන අතර මෙවර පෙරහැරේ අංගද සිමා සහිතව විය.
දියවඩන නිලමේතුමාගේ උපදෙස් පරිදි ශ්රී දළදා මාලිගාවේ නැකත් මොහොට්ටාල විසින් සුබ නැකත් පත්රයක් සාදනු ලබයි. ඒ අනුව එම සුභ නැකත් පත්රයට අනුව සාධාතුක පෙරහැර කරඩුව තේවාභාර මාහිමියන් විසින් හේවිසි හොරණෑ ආදී පංචතුර්ය වාදනය මැද පාවඩ මතින් පන්දම් විලක්කු හා තල් අතු සහිත නිලකරුවන් පිරිවරාගෙන රන්හිලි ගෙයි බැදී මංගල හස්තිරාජයා වෙත පෙරහැර කරඩුව වැඩම කරවනු ලැබිය.
එම සධාතුක පෙරහැර කරඩුව මංගල හස්තියා මත, රන්සිවිගෙය මත තැන්පත් කොට මාලාදාම පුජා කිරීමෙන් අනතුරුව පෙරහැර පිටත්වීම සිදුවන අතර . පොසොන් පෙරහැර වීදි සංචාරය කිරීමේදී දියවඩන නිලමේතුමා පෙරහැරේ ගමන් නොකරන අතර ඒ වෙනුවට කාර්යකරවන කෝරාල පෙරහැරේ ගමන් කරනු ලබයි.
මෙම පෙරහැර ඇසළ පෙරහරේ පෙළගැස්මට සමාන ස්වරූපයක් ගනී. නමුත් බෙරකරුවන්, පන්දම්කරුවන්, නැටුම් කණ්ඩායම් හා අලි ඇතුන් ඇසල පෙරහැරේ සහභාගිවන ප්රමාණයෙන් සනභාගී වන්නේ නැත. කසකරුවන් පෙරහැරේ පෙරමුණේ ගමන්ගන්නා අතර ඉන්පසු බෞද්ධ කොඩිගත් ඇත්තෝ ගමන් කරයි. ඉන්පසු පිළිවෙලින් ඇතුන්පිට නැගී පෙරමුණේ රාළ හා ගජනායක නිලමේ පෙරහරේ ගමන් කරයි.