දෙහිවල, කව්ඩාන, ප්‍රදේශයේ ඇගලුම් ආශ්රිත කර්මාන්ත ශාලාවක සේවිකාවන් 10 දෙනකුහට අහඹු ලෙස සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව ඉන් සේවිකාවන් 5 දෙනකුම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.
ඒ අනුව එම සියලු දෙනා 1990 සුවසැරිය රථ මගින් ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමු කල බවත්, ඔවුන් පදිංචි පොකුණපාර හා පල්ලියදොර ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් ඇතුලු ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනයට දින 14 ක් සදහා යොමුකරමින් එම කර්මාන්ත ශාලාවද සීල්තබා වසා දැමීමට කටයුතු කරනු ලැබූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය .
දෙහිවල එච් එම් ධර්මපාල