සෞඛ්‍ය අංශ වල උපදෙස් අනුව නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් දස දහසක් වටිනා වියළි ආහාර සලාකය අද (25) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබා දීමට රජය විසින් ගෙන ඇති තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ඉතා අසීරු කරුණක් බව ග්‍රාම නිලධාරීන් පෙන්වා දෙති.
ආර්ථික පුනර්ජීවන සහ දරීද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම්වරයාගේ අත්සනින් යුතුව මේ සඳහා වන විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් ඊයේ (24දා) දිනයේ නිකුත් කර ඇත.
උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.
රජයේ නිර්ණායක වලට අනුව රුපියල් තුන්දහසක මාසික ආදායමක් උපයන පවුල් අඩු ආදායම්ලාභි පවුල් ගණයට ඇතුළත් වන බවද එවැනි ආදායම් උපයන පවුල් වර්තමානයේ රට තුළ සොයා ගැනීමට නොමැති බව පෙන්වා දෙන ග්‍රාම නිලධාරීන් ඒ අනුව මෙවැනි චක්‍රලේඛයක් ක්‍රියාත්මක කිරීම අපහසු බව කියති.
රජයෙන් නොමිළේ ලබා දෙන මෙම බඩු මල්ල ඇති හැකි බේදයකින් තොරව නිවසින් පිටව යාමට නොහැකිව සිටින නිරෝධායනයට යොමුකර සිටින සෑම පවුලකටම ඉතා වටිනා බවද ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් මෙය ලබා දීම අනෙකුත් පවුල් සඳහා කරන අසාධාරණයක් බවද ග්‍රාම නිලධාරීන් සඳහන් කරති.