ජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකානු ෆයිසර් යන සමාගම් විසින් මේ සතියේ සිය පර්යේෂණාත්මක කොවිඩ්-19 එන්නතක් පිළිබඳ ධනාත්මක දත්ත නිකුත් කරමින්, මාසය අවසානයේදී නියාමන අනුමැතිය සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු විය හැකි නමුත්, අනුමත කිරීමේ ක්‍රියාවලිය හරහා එන්නතක් ලබාගැනීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පවසති.
ඒ අනුව මෙම දෙසැම්බර් මස අවසාන භාගයට පෙර ඇමෙරිකාව තුළ භාවිතයටවත්, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) කිසිදු අවසරයක් බලාපොරොත්තු නොවිය යුතු බව විශේෂඥයෝ පවසති.
වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සහ එක්සත් ජනපදයේ නව කොරෝනා එන්නත් අත්හදා බැලීමේ ජාලයට නායකත්වය දෙන ෆ්‍රෙඩ් හචින්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය ලැරී කෝරි පැවසුවේ ෆයිසර් සමාගමේ සායනික අත්හදා බැලීමේ දත්ත සමාලෝචනය කිරීමට FDA වෙත දින 10ක් පමණ ගතවනු ඇතැයි තමන් සිතන බවය. එන්නත නිපදවන පහසුකම් ප්‍රමිතියෙන් යුක්ත දැයි තහවුරු කර ගැනීම සඳහා ෆයිසර් නිෂ්පාදන දත්ත සමාලෝචනය කිරීමද ඒජන්සියට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් කීවේය.