කොළඹ,ගම්පහ,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 -30 පිරිස් වෙත කොවිඩ් මර්ධන එන්නත ලබාදීම හෙට (06) දිනයේ සිට ආරම්භ කරන බව දැනුම් දෙයි.
මේ දිස්ත්‍රික්කවල දැනට එන්නත් කරණය සිදු කරන ස්ථානවලදීම එන්නත් දෙනු ලැබේ. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් දෙන ස්ථානවලට අමතරව විහාරමහා දේවී උද්‍යානය, දියත උයන, පනාගොඩ යුධ හමුදා කඳවුර සහ වේරහැර යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානය වයස අවුරුදු 20 – 29 අතර පිරිසට එන්නත් දීම සඳහා තෝරාගෙන ඇත.