වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත ආයතනයක් ලෙස දෘෂ්‍යබාධිත ක්‍රිකට් සංගමය පවත්වාගෙන යා යුතු යැයි තමන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාන ලෙස පිළිගැනීමක් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමටද ලැබිය යුතු බවත් පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සඳහන් කළේය.
ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා , එංගලන්ත , ඉන්දීය තුනකොන් දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වු මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
දෘෂ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලුම පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ලබාදී ඒ සමාජ වගකීම තමන් විසින් ඉෂ්ඨ කරන බවත්, ඔවුන්ට ලබාදිය යුතු ඉහළම පිළිගැනීම ලබාදීමට ක්‍රියා කරන බවත් හෙතෙම මෙහිදී පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ සිටින බවත්, ඔවුන්ට රටට ජයග්‍රහණය හා ගෞරවය ගෙන ඒමට හැකි යැයි තමන් විශ්වාස කරන අතර, ඔවුන්ට සුබ පතන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.