දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීමේ අරමුණෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හඳුන්කුරු නිෂ්පාදකයින්ගේ පාර්ශ්වය සහ අදාළ ක්ෂේත්රයට සම්බන්ධ රජයේ ආයතනයන්හි ප්‍රධානීන් එක් කරගනිමින් විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැත්වීය.
මේ වනවිට ඔවුන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ හඳුන්කුරු නිෂ්පාදනයට අවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය වන උණ කූරූ අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වීම බව මෙම සාකච්ජාවේදී දීර්ඝ වශයෙන් හඳුන්කුරු නිෂ්පාදකයින් ඇමතිවරයාට පෙන්වා දෙන ලදී.
එහිදී ඇමතිවරයා විසින් පැමිණ සිටි නිලධාරින් අමතා දේශීය වශයෙන් එම උණ කූරු නිෂ්පාදනයට අවශ්‍ය උණ වගාකිරීමට ඇති හැකියාව විමසා බලන ලදී.
වර්තමාන රජය හඳුන්කුරු ආනයනය නතර කිරීම නිසා දේශීය වෙළෙන්දාට හොද වෙළදපොළක් විවෘතව ඇති බවත් එම අවශ්‍යතාව සපුරාලීමට දේශීය නිෂ්පාදකයාට හැකියාව ඇති නමුත් උණ කූරු නොමැති වීම නිසා එම ව්‍යාපාර අවදානම් සහගත තත්ත්වයට පත්ව ඇති බවත් නිෂ්පාදකයෝ පෙන්වා දුන්හ.
එහිදී ඇමතිවරයා පැමිණි සිටි නිලධාරීන්ට උපදෙස් දුන්නේ හැකි ඉක්මනින් දේශීය උණ කුරූ ලබා ගැනීමට අවශ්‍ය උණ වගාවන් සිදුකරන ලෙසය.
මිට අමතරව උණ ගස් කැපීමට සහ ප්‍රවාහනයට ඇති බාධාවලට විසදුම් ලබාදුනහොත් එයින් පාරිභෝගිකයා වෙත අඩු මිලට හදුන්කුරු ලබාදීමට හැකියාව පවතින බවත් දේශීය හඳුන්කුරු නිෂ්පාදකයෝ පැහැදිලි කළහ. ඒ සදහා ද කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වන බව අමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කළ අතර සියලුදෙනා ඒ වෙනුවෙන් ඇමතිවරයාට සිය ස්තුතිය පුද කළහ.