බුලත්සිංහල පොලිස් වසමේ බෝතලේගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාධිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (18 ) දහවල් අත් අඩංගුවට ගෙන ඇත.
බුලත්සිංහල, බෝතලේගම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත අත් අඩංගුවට ගත් මෙම සැකකරු මෙම ගිනි අවිය සතුන් දඩයමට උපයෝගී කරගන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර එම පුද්ගලයා මීට පෙර ආරක්ෂක අංශයට සම්බන්ධව සිටියේදැයි සහ ඔහු මෙම ගිනි අවියඋපයෝගී කරගෙන කිසියම් නීති විරෝධී කටයුතු සහ අපරාධ සිදුකර ඇති දැයි වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බුලත්සිංහල පොලිසියට බාරදී ඇති අතර කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න,කළුතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස,මතුගම කොට්ඨාශ 1 භාර සහකාර පොලිස් අධිකාරි ජයසිරි මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මතුගම බන්දු තඹවිට