මන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තුළින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවටද ඔහු සහතික විය.
නැගෙනහිර පළාතේ ‘පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපති සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මේ බව ප්‍රකාශ කළේ ඊයේ (ජූලි 15) දීඝවාපිය පූජා භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.
“සැලකිය යුතු වැඩ කොටසක් මේ වන විට අවසන් කර ඇති බව දැකීම සතුටට කරුණක් බවත්” ඉදිරි වසර දෙකහමාර තුළ මෙය නිම කිරීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ජෙනරල් ගුණරත්න සඳහන් කළේය.
ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබඳව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ සමාරම්භක දිනයේ සිට අද දින වනවිට ස්තූපයේ අඩි 10 ක් පමණ උසක් සම්පූර්ණයෙන්ම ගඩොලින් බැඳ නිම කර ඇති බවයි.
මෙම ව්‍යාපෘතිය සඳහා දානපතියන් විසින් ලබාදෙන වටිනා පරිත්‍යාගයන් අගය කළ ආරක්ෂක ලේකම්වරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ දීඝවාපිය භාරකාර අරමුදල යටතේ ලංකා බැකුවේ ‘දීඝවාපිය අරුණ’ නමින් පිහිටුවා ඇති ගිණුමට හැකි අයුරින් දායක වන ලෙසයි.
දීඝවාපිය ස්ථූප ප්‍රථිසංස්කරණය සඳහා ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදුකරන දැවැන්ත මෙහෙය දිරිමත් කිරිමේ අරමුණින් බෞද්ධයා මාධ්‍ය ජාලය විසින් ට්‍රැක්ටර් තුනක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.
මේ අතර, ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා ටැබ්ලට් පරිගණක 20 ක් පාසල් හා පිරිවෙන් වෙත ලබා දෙන ලදි.