දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභාපති නන්ද කුමාර සකලසූරිය මහතාව ( පොදුජන පෙරමුණ ) එම පදවියෙන් ඉවත් කොට සභාපති පදවියේ වැඩ බැලීම සඳහා එහි උපසභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර තිබේ.
සභාපති පදවිය දැරූ සකලසූරිය මහතාට එරෙහි ව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලැබෙන තුරු මෙසේ උපසභාපතිවරයා අදාළ පදවියට පත් කෙරිණි.
හිටපු සභාපතිවරයාට එරෙහිව පවත්නා චෝදනා පිළිබඳ පරීක්ෂණයක් සඳහාද නිලධාරියෙකු පත් කර ඇති අතර, එම පරීක්ෂණයේ වාර්තාව මාස තුනක් ඇතුළත ලබාදෙන ලෙසද ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ. ඉන්දික ජයසිංහ මහතා හෙට (21දා) වැඩ භාර ගැනීමට නියමිතය.