දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවා තිබේ.
ඒ එම පොකුරුවලින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 502ක් වාර්තා වීමත් සමගිනි. අද දිනයේදී පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයන් 191ක් වාර්තා වී තිබේ.
මේ වන විට එම පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 40628ක් දක්වා වර්ධනය වී තිබේ.