මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 113කගෙන් දිවුරුම් ප්රකාශ ලබාගෙන ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවීමට යන බවට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළත් එසේ ඔවුන් ජනපති කාර්යාලයට නොපැමිණියේය.
පෙ.ව. 10.30ට ජනපතිවරයාට මෙම දිවුරුම් ප්රකාශ බාරදෙන බවට මන්ත්රිවරයා අද පෙරවරුවේ අදට පැවැසීය. කෙසේ් වෙතත් පෙ.ව. 11.30ට වන විටත් ඔවුන් ජනපති ලේකම් කාර්යාලයට නොපැමිණියේය.
ඔවුන් හදිසි සාකච්ඡාවකට එක්වූ නිසා මෙසේ ජනපතිවරයා හමුවීමට නොගිය බවත් අද දිනයේදී විශ්වාසභංග යෝජනා භාර දිමට ඔවුන් අදහස් කරගෙන සිටින බවත් වාර්තා වෙයි.