දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.
හෙට සහ අනිද්දා තුළදී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70ක් දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයෙන් දන්වා තිබේ.
මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.