දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23දා) දින වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තදවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත්, අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසීය.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යාහැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යාහැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
සුළඟේ වේගය ඉහළ යනවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද හෙතෙම සඳහන් කර සිටියේය.
කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ප්‍ර‘දේශයෙන් ඊයේ (22දා) උදෑසන 8.30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබෙන අතර, එම ප්‍ර‘දේශයට මිලිමීටර් 134.8ක වර්ෂාපතනයක් ඇති වී තිබේ.
එසේම බෙන්තොට වත්ත ප්‍ර‘දේශයට මිලිමීටර් 98.3ක් බොගන් වතුයායට මිලිමීටර් 98ක් හා වේවැල්තලාව ප්‍ර‘දේශයේ මිලිමීටර් 90ක් මතුගම ප්‍රදේශයට මිලිමීටර් 82ක් හා ඇළහැර ප්‍ර‘දේශයට මිලිමීටර් 70ක වර්ෂාපතනයක්ද ඇති වී තිබේ.