මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා නිලධාරින් සම්බන්ධයෙන් හබරණ පොලිසිය වෙත පසුගිය දා සිදුකල පැමිණිල්ලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වනජිවි නිලධාරින් 2021.07.02 දින සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ
වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අලි ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණා, මහවැලි කලාපයේ නිලධාරින් රැකවලාගෙන පුර්ව සුදානමක සිටියා.
එහෙම රැකවලාගෙන ඉන්නකොට 25 දින යුධ හමුදාවට අයත් වාහන දෙකක් රක්ෂිත මායිමේ සිට ධාවනය වෙනවා දැකලා අපේ නිලධාරින් ඔහුන්ව නතර කරන්න උත්සහ කරනවා.
නමුත් නතර කර ගැනිමට නොහැකි වෙනවා ඉන් පසු හබරණ ප්‍රදේශයේ මුරපොලක් තියෙනවා පොලිසිය සහ යුධ හමුදාව එක්ව සිදු කරන එතනදි නතර කිරිමට උත්සහ කරනවා එතනදිත් නතර කර ගැනිමට නොහැකි වෙනවා. අණ නොතකා ධාවනය කරනවා.
මෙය අපරාධයක් යැයි සැක කල අපේ නිලධාරින් ඔහුන් පසුපස හබා යනවා.
ඉන් පසු ගල්කුලම ප්‍රදේශයේ යුධ හමුදා මුරපොලේදි නතර කිරිමට උත්සහ කරනවා නමුත් නොනවත්වා ධාවනය කරනවා.
21 වෙනි පාබල මුලස්ථානය දක්වා වාහන දෙක ධාවනය කරනවා. ඉන් පසු අප නිලධාරින් ආපසු එනවා.
ඉන් පසු යුධ හමුදා කදවුරෙ සිට කැබ් රථයක් අප නිලධාරින් පසුපස පැමිණි හබරණ ප්රදේහයේදි යුධ හමුදා මාර්ග බාධයක් අසල නතර කරගෙන අත්අඩංගුවට ගැනිමට කටයුතු කරනවා ඔහුන්ගේ නිලතල නාම සදහන් ලාංජන සියල්ල ඉවත් කර ඔහුන්ගේ නිලතල බලය අයුතු ලෙස භාවිතා කරමින්.
මෙය සම්පුර්ණයෙන්ම වැරදි , ඔහුන් නිවැරදි නම් අප පසු පස පැමිණිම නෙවෙයි කල යුත්තේ අප පසුපස යනවිට නතර කර අපගේ රාජකාරිය ඉඩ දිමට කටයුතු කිරිම.
එතනද මේජර් නිලධාරිවරයෙක් හැසිරුණු විදිහ , රාජ්‍ය නිලධාරින්ට කතා කල විදිහ ,රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට ගන්නේ කෙසේද?
එතනට හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා නොපැමිණියේ නම් මේ පහර දිම මිට වඩා දරුණු වෙනවා, මේ පහර දිම අපි සම්පුර්ණයෙන්ම හෙලා දකිනවා.
මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් ආරම්භ කරලා නැ , මේ නිලධාරින් තාම නිතිය හමුවට රැගෙනවිත් නැ.
ගහකොල සතා සිව්පාවා ආරක්ෂා කරන මේ වනජිවි නිලධාරින්ට තවම අනිසි බලපැම් එනවා.
අපි බලධාරින්ට කියන්නේ මේ සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් ආරම්භ කරන්න. අපරාධකරුවන් වැරදිකරුවන් නිතියේ රැහැනට හසු කර ගන්න.
එසේ නොකරන්නේ නම් අප දැවැන්ත වෘත්තිය අරගල වලට යනවා.
2021.07.02 දින අප සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යනවා, සියළු වනජිවි බාහිර ක්‍රියාකාරකම් අපි අත්හරිනවා.
අප දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරිටත් බලපැම් එනවා,යුධ හමුදා කදවුරට අප නිලධාරින් ගොස් ප්‍රකාශ ලබාදෙන්න කියලා.
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. හොරුන් ගාවට අපිට යන්නලු.
එතුමා නිර්දෝශයි නම් වාහනය නතර කරන්න තිබුණා, ඇයි පලා යන්නේ.
අපට සැකයක් තියෙනවා , අපි මිට කලිනුත් මෙවැනි වැටලිම් සිදු කරලා තියෙනවා.
වනජිවි නිලධාරින් යුධ හමුදා නිලධාරිනගේ කදවුරුවලට ගිහින් ප්‍රකාශ ලබාදිමට අවශ්‍යතාවයක් නැ.
අපි අපරාධයක් කරලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තානම් අපි ගිහින් ප්‍රකාශයක් දෙන්න ඕනි.
විදිමත් පරික්ෂණයක් කරනවා නම් විදිමක් පිරිසක් පැමිණ අපෙනුත් ප්‍රකාශ ගන්න පුළුවන් .
තවමත් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන්න හබරණ පොලිසිය අසමත් වෙලා තියෙනවා.
අප දෙපාර්තුමේන්තුවේ නිලධාරින් මේ සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා.
රාජකාරියට බාධා කලානම් අත්අඩංගුවට ගැනිම සිදු කරන්න පුළුවන් මොකද හබරන පොලිසියේ ස්ථානාධිපති ඉදිරියේ මෙම සිදුවිම සිදු වෙන්නේ.
සියළු වෘත්තිය සමිති එකතු වෙලා මෙම වෘත්තිය ක්‍රියමාර්ගයට එලඹෙනවා. යනුවෙන් පැවසිය.