රටේ දැවෙන ප්රශ්න එක පක්ෂයකට හෝ එක් කණ්ඩායමකට විසඳිය නොහැකි බව කථානායක කරූ ජයසූරිය මහතා අද (18දා) පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ රාජ්ය කළමනාකරණ සහකාර සේවයට නවක නිලධාරීන් 900ක් බඳවා ගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (18දා) පෙරවරුවේ පැවැති උත්සවයකදීය.
ඒ සඳහා සියලු පක්ෂ නායකයන් එක්විය යුතු බවත්, මේ සම්බන්ධව අවස්ථා ගණනාවකදී පක්ෂ නායකයන්ට තමන් පවසා තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් මෙහිදී ප්රකාශ කළේය.