බරපතළ මූල්‍ය වංචා,දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය පිහිටුවීමට ස්ථිර ස්ථානයක් තවමත් නොමැතිවීම හේතුවෙන් එය පිහිටුවීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි වාර්තාවේ.
විශේෂ මහාධිකරණයකොළඹ අධිකරණ බලප්‍රදේශය තුළ පිහිටුවිය යුතු බවට ගැසට් නිවේදනයක් නිතුක්කර තිබීම හේතුවෙන් එම අධිකරණය කොළඹ අධිකරණ බලප්‍රදේශය තුළ ස්ථාපිත කළ යුතුව ඇත. එසේ වුවද,එය පිහිටුවන ස්ථානය සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකටනොපැමිණ තිබීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් 'අද' කළ විමසීමකදී අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ,ඉදිරි සති දෙක ඇතුළත දෙවැනි ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය පිහිටුවීමට කටයුතු කරන බවයි.
මේවනවිට අංක 02 ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන්ද පත්කර ඇති අතර,අධිකරණය පිහිටුවීමේ ස්ථානය සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් අධිකරණය පිහිටුවීම ප්‍රමාදවී තිබිණි.
1978 අංක 02 දරන අධිකරණ සේවා සංවිධාන පනතින් අධිකරණ ඇමතිවරිය ලෙස තමන්ට පැවැරී ඇති බලතල යටතේ මෙම විශේෂ අධිකරණය පිහිටුවීම තලතා අතුකෝරළ මහත්මිය විසින් සිදුකරනු ලබයි.
අධිකරණ අමාත්‍යාංශය මගින් එය නිල වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන අතර,ඉන්පසු අධිකරණයේ කටයුතු අගවිනිසුරුවරයාගේ භාරකාරත්වය යටතේ සිදුවේ.
විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි 09 වැනිදා ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, ඊට අනුව එහි පළමු විශේෂ මහාධිකරණය පසුගිය වසරේ අගෝස්තු 21 වැනිදා පිහිටුවිණි.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මෙම මහාධිකරණවලට බලය හිමිවන අතර, ඒ අනුව අල්ලස්, සාපරාධී විශ්වාසය කඩකිරීම, මූල්‍ය අපහරණය, මූල්යවිශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපොළ අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම එහිදී සිදුවේ.