මාතර දිස්ති‍්‍රක්කයේ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දික්වැල්ල සහ දෙවුන්දර ප්‍රදේශිය සභා අපේක්ෂකයන් විදියට තරග කළ සියලු දෙනා එම පක්ෂයෙන් ඉවත් විමට තිරණය කොට ඇති බව ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර ප්‍රදේශිය සභා අපේක්ෂක ලාල් ජයදේව මහතා පැවසිය .
ඊයේ (30) සවස මාතර දික්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ජාවේදි ඔහු මේ බව පැවසිය .
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර සහ දික්වැල්ල යන ප්‍රදේශිය සභා දෙකේම සියලූම අපේක්ෂකයන්ට අපි අද ආරාධනා කරා. ඒ අනුව 90% කට වැඩි ප්‍රමාණයක් පැමිණිලා ඉන්නවා . ඒ අතර පසුගිය මැතිවරණයේදි දික්වැල්ල ප්‍රාදේශිය සභාවට තේරිපත්වෙලා ඉන්න මන්ති‍්‍රවරුන් දෙනේනෙක් ඉන්නවා . දකුණු පළත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විදියට කටයුතු කරපු චන්දිමා රාසප්රත්ර කරපු අසාධාරණයක් තමයි මුලින්ම කියන්න යන්නේ. එතුමා රැකියා ලබාදිමේදි වෙනත් දේශපාලන පක්ෂ වලට රැකියා ලබා දුන්නා . නමුත් ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ගමෙන් හොයන්න බැරිවුන වේලාවේ ගමෙන් ඉදිරිපත් වුණ තරග කරපු මැතිවරණ ව්‍යාපාරය නිවැරදිව කරපු මෙතන ඉන්න සියලු දෙනාට දැඩි අසාධාරණයක් කරලා තියෙනවා. එක රැකියාවක් ලබා දිලා නැහැ. කුඩම්මගේ සැලකිලි තමයි අපට සිදුකළේ.
ඊගාවට කියන්න ඕන රාසපුත්‍රගේ ඒ තනතුර ඉවත් වුණාම දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාට ඒ බලතල හිමිවුණා . එතුමා අපි කිපවිටම මුණගැහුනා . නමුත් තොරතුරු ගත්තා අපව අපහසුතාවයට ලක්කරා. නමුත් එතුමා කළෙත් ඒ දෙයමයි . එතුමට අසාවක් ඇතිවෙලා තියෙනවාද දන්නෙ නැ මාතර දිස්ති‍්‍රක්කයෙන් මැතිවරණයට තරග කරන්න . මේ වෙච්ච දේවල් එක්ක තවත් අපිට පක්ෂයත් එක්ක වැඩ කරන්න බැහැ .
අපි ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයෙන් ඉවත් වෙන්න තින්දු කරා . මෙය ලිඛිතව ජනාධිපතිවරයට , මහලේකම්වරයට , සංවිධායකතුමාට , දැනුවත් කරලා තියෙන්නේ . පැහැදිලි පිළිතුරක් තවම ලබාදිලා නැහැ . ඒ නිසා සියලු දෙනා එක තැනකට ගෙනත් මේ සටන ආරම්භ කරනවා . ඒ වගේම අනෙක් ආසන 6 මැතිවරණයට ඉදිරිපත් වු පේක්ෂකයන් සියලූ දෙනාට ආරාධනා කරනවා අපත් සමග එකතු වෙන්න කියලා ’’ යැයි ජයදේව මහතා වැඩිදුරටත් පැවසිය.