රජය මැදිහත් වි මායිම් නිරවුල් කිරිම සඳහා ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ පළමු මැනුම සිදු කිරිමෙන් පසු සිටුවන ලද සීමා මායිම් කණු රැසක් ගලවා එහි ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන ඩ්‍රෝසර් කිරිමේ සිද්ධියක් දින කිහිපයක් තිස්සේ සිදු වි ඇති බව දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ ඊයේ 13 මාධ්‍ය වෙත පැවසූහ.
දෙවනගල රජමහ විහාරයේ පුරාවස්තු විනාශය සහ ඉඩම් අක්‍රමණය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලූවට විසදුමක් ලෙස රජය මගින් රුපියල් එක්ලක්ෂ අසුපන්දහස් තුන්සිය හැට හයක් වැය කොට මිනින්දොරු අධිකාරිය හරහා දෙවනගල අක්කර 85 ක ඉඩම් වපසරියක් ඉපැරණි පිඹුරුපත් අනුව මැනුම් කටයුතු අවසන් කරන ලද්දේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදිය.
එම ඉඩම් මැනිමේදි සීමා කණු සිටුවන ලද අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම් රැසක් රජයේ නිලධාරින් හරහා මෙන්ම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි සහ පොලීසිය මගින්ද අවස්ථා කිහිපයකදිම සිදු කරන තිබුණි.
සීමා කණු ගැලවිම් සහ මැන අවසන් කරන ලද ඉඩම් කොටසේ මුඩු ඉඩම් වල කිසිදු ඉදිකිරිමක් හෝ සංවර්ධන කටයුත්තක් රජය මගින් අවසන් තීන්දුවක් දෙන තෙක් සිදු නොකරන ලෙස ජනතාව දැනුවත් කර තිබු පසුබිමක මීට දින කිහිපයකට කලින් සිට මැනුම් අවසන් කර සකස් කල සීමා මායිම් කණු රැසක් ගලවා ඇත.
එමෙන්ම විහාරස්ථානයට අයිති වු මුඩු ඉඩමක් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කරන බවට තොරතුරු අනාවරණය විමත් සමග දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වෙත කරුණු අනාවරණය වි ඇත. ඒ අනුව උන්වහන්සේ 2021 පෙරවාරි 12 වැනි දින එම ස්ථානයට පොලීසිය සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා සමග යන විට සංවිධානාත්මකව මෙම කටයුතු සිදු කර පිරිස බැකෝ යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු කර ඇත.
පොලිසිය සමග ස්වාමින් වහන්සේ ග්‍රාම නිලධාරින් සහ විහාරස්ථානයේ දායකයන් එක්ව ඒ අවට ඉඩම් වල පසුගිය පළමු මැනුමේ සීමා මායිම් කණු සිටුවා ඇති ස්ථාන පරික්ෂාවට ලක් කරන අවස්ථාවේ සීමා කණු රැසක්ම ගලවා ඇති බව දැක ගැනිමට හැකි වි ඇත.
මාවනැල්ල හෙම්මාතගම විජය බණ්ඩාර