වැලිවිටිය, දිවිතුර වතුයායේ වතු කම්කරුවන් එකසීය පහක් සදහා සිදු කල පී.සී.ආර්.පරීක්ෂණයෙන් දහසය දෙනෙකුගේ ප්‍රතිපල ධනාත්මකවූ බව වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (26) තහවුරු කළේය.
කොවිඩ්-19න් ආසාධනයවූ රෝගීන් රෝහල් වෙත යොමු කිරීමට පියවරගත් බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිවෙස් තුළම ස්වයං නීරෝධායනයට ලක් කල බවත් එම කාර්යාලය කියයි.
මේ සමගම දිවිතුර වත්ත හුදකලා කරනවා ද නැද්ද යන්න තීරණය කිරීමට මේ වනවිට වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් හා පොලීසිය සමග සාකච්චා කෙරෙන බව වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා සභාපති ගුණසිරි ලොකුගේ මහතා පැවසීය.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත