ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය කොවිඩ්-19 වෛරස ලොක්ඩවුන් සීමාවන් ලබන සතියේ ලිහිල් කිරීම අරඹන බව මහ ඇමතිවරයා පවසයි.
සති ගණනාවක් පුරා ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතිය අඩපණ කොට ඔක්සිජන් සැපයුම් හිඟයකට තුඩුදෙමින්, ඇතිවූ විනාශකාරී දෙවැනි කොවිඩ්-19 රැල්ලට එරෙහිව සටනේ යම් ප්‍රගතියක් පෙන්වමින් මේ වනවිට ආසාදන අඩුවෙමින් පැවතීම මෙසේ සීමා ලිහිල් කිරීමට හේතු වී තිබේ.
වසංගතයෙන් දරුණු ලෙස බැටකෑ නගරවලින් එකක් වන නවදිල්ලිය අප්‍රේල් 20 වැනි දින සිට ලොක්ඩවුන් සීමා යටතේ පැවති අතර, පසුගිය දින කිහිපය තුළ ආසාදන අඩුවෙමින් පවතී.
ඒ අනුව මේ වනවිට දිල්ලියේ කොවිඩ්-19 පරීක්ෂණ ධනාත්මක අනුපාතය 2.5%ට වඩා අඩුවී ඇති අතර, එය පසුගිය මාසයේ පැවති 36%ට සාපේක්ෂව විශාල ප්‍රගතියක් බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පැවසීය.
"මේ සතිය පුරා ආසාදන දිගින් දිගටම පහත වැටේ නම්, මැයි 31දා සිට අපි ලොකුඩවුන් සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා" යැයි කෙජ්රිවාල් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
පසුගිය පැය 24 තුළ දිල්ලියේ නව කොවිඩ්-19 ආසාදිතයන් 1,600ක් පමණ වාර්තා වූ බව ඔහු පැවසීය.
එමෙන්ම පසුගිය පැය 24 තුළ රට පුරා නව ආසාදිතයන් 240,842ක් වාර්තා වී ඇති අතර, එය මාසයකට වැඩි කාලයක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ අඩුම දෛනික නව ආසාදිතයන් සංඛ්‍යාව වෙයි. එසේම රටේ සමස්ත දෛනික මරණ සංඛ්‍යාවද 3,741ක් දක්වා අඩුවී තිබේ.