ඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රාගම තේවත්ත පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි තිදරු මවකි.
ඇයගේ දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකළ කරාපිටිය රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ මෙම කාන්තාව, හෝමාගම රෝහලේ සිට පසුගිය 08දා කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇති බවයි. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද (22දා) මියගියාය.
කාන්තාවගේ කුසේ සිටි මාස 07ක් වයසැති දරුවා සිසේරියන් සැත්කමකින් බිහිකිරීමට හෝමාගම වෛද්‍යවරු කටයුතු කර තිබූ බවත් එම දරුවා මේවනවිට කාසල් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මෙය කොරෝනා නිව්මෝනියාව සමග වකුගඩු ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මාතෘ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත.
දේහය සම්බන්ධ ආදාහන කටයුතු හෙට(23) ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇත.
සිරංගිකා ලොකුකරවිට