දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල තර කිරීම වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් දායක වීමට කැමති අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් හා රාජ්‍ය සේවයේ හා රාජ්‍ය සංස්ථාවන්හි සේවයේ නියුතු එක් දිනක වැටුප අරමුදලට පරිත්‍යාග ලෙස ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා වන යෝජනාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
විවිධ හේතුන් නිසා අසරණ භාවයට පත්ව සිටින දරුවන්ට නිසි මඟ පෙන්වීම, රැකවරණය හා අවශ්‍ය සම්බත් ලබාදීමේ අරමුණ සහිතව දරුවන් සුරකිමි - ජාතක භාර අරමුදල ආරම්භ කළේය.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව මෙම අරමුදල ලෝක ළමා දිනය යෙදී තිබුණ පසුගිය01 දා ආරම්භ කළේය. එදින මෙම අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 17ක ප්රදානය කෙරිණ.