දෙමළ පක්ෂ එක් වී දියත් කරන පොතුවිල් සිට පුලිගන්ඩි දක්වා යන පා ගමන මගින් දෙමළ ජනයාට කිසිම වාසියක් නොලැබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.
යාපනයේ දිස්ත්‍රික්කයේ ධීවර ජල බෝග සම්බන්ධව ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු සහ බුරවි සුළි කුණාටුවෙන් ධීවර ජනතාවට ඇති වූ ගැටලු පිළිබඳව සොයා බැලීමේ සාකච්ඡාවක් අද දින(2021.02.08) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ලේකම් කාර්යාලයේදි පැවතුණි.
මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වේදීන්ට අදහස් දැක්වූ අමාත්‍යවරයා පොතුවිල් සිට පුලිගන්ඩි දක්වා පාගමන ආත්මාර්ථකාමී අරමුණක් උදෙසා බවත් මෙමගින් කිසිම දෙයක් සිදු නොවන බවත් පැවසීය.
“පළාත් සභා වලට එරෙහි වූ අයට දුරදිග බැලීමට ශක්තියක් තිබුණෙ නැහැ. නමුත් පළාත් සභා ක්‍රමය පිළිගත් අයට එම ශක්තිය තිබුණා. එහෙත් ඒ අයට තමන් පිළිබඳව කිසිම පාලනයක් නොමැති වීම නිසා ජනතාවට කිසිම යහපතක් සිදු නොවන බව පැවසූහ.
මෙම පිරිස රජයට එරෙහිව උද්ඝෝෂණ කළ හැකි බව පෙන්වීමට උත්සාහ කරන අතර එම උද්ඝෝෂණ හරහා ජනතාවගේ ඡන්ද කොල්ලකයි. නමුත් මේ අයගෙන් අපගේ ජනතාවට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේ උද්ඝෝෂණ මගින් අප රජයට යහපතක් ඇති වීම මිසක් අපේ ජනතාවට වෙනුවෙන් දියත් කරන සටනක් නොවන බව අමාත්‍යවරයා පවසන ලදි.”