කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මගින්, 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු ( අවු.39 ) අත්අඩංගුවට ගෙන, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී දැරියන් ප්‍රකාශ කර ඇත්තේ මෙම මුරකරු විසින් තමන්ව බදා ගැනීම, පපුව මිරිකීම හා ඇඟපත අත ගෑම යන ක්‍රියාවන් සිදු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිතුමන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
වින්දිත දැරියන් හා සැකකරු වෛද්‍ය පර්යේෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු බාල වයස්කාර දැරියන් තිදෙනාට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ (සංශෝදන) පනතේ 05 වන වගන්තියෙන් සංශෝධිත 345 වන වගන්තිය යටතේ, නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.