දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අප්‍රේල් මස 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
ඒ අද (17) ඔහුව පොදු දේපළ පනත යටතේ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව අත්අඩංගුවටගෙන තිබුණි.
දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩාකර තිබූ ජල මාපක 477ක් ඇතුළු තවත් උපකරණ තොගයක් පසුගිය මාර්තු 30 වනදා කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබුණි.