වාඩියගොඩ ගුරුගල්ඔය ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු දාහතරක පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව ගලහ පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙල්තොට, පල්ලේගම ප්රදේශයේ පදිංචිව සිටි මින්සාන් අහමඩ් නැමති සිසුවෙකි.
අද (23දා) උදෑසන මිය ගිය සිසුවා මිතුරන් සමග දිය නාමින් සිටියදී එක් වරම ගිලී ඇති අතර, ඔහු බේරා ගැනීමට මිතුරන් උත්සාහ ගත්තද ඔහු දියේ ගිලී එක්වරම නොපෙනී ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
තලාතුඔය - අසේල වික්රම / හේවාහැට-එම්.දසනායක