බලන්ගොඩ පින්නවල ඇතෑවැටුන ඇලේ ගිලි 23 හැවිරිදි තරුණයකු මියගිය බව පින්නවල පොලිසිය කියයි.
අද (25) පස්වරුවේ තරුණයන් පිරිසක් සමග මෙම ඇලේ නෑමට ගොස් තිබෙන අතර එක තරුණයකු එහිදි දියේ ගිලි මිය ගොස් තිබේ.
ප්‍රදේශවාසින් සහ පොලිසිය ඒකරාශි වි අද පස්වරුවේ සිරුර ගොඩගෙන තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ බලන්ගොඩ ගලහිටිගම පදිංචි මේඝ මනුජය නම්
පේරාදෙණි සරසවියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.
මෘත දේහය බලන්ගොඩ මුලික රෝහලේ තැම්පත් කර තිබෙන අතර වැඩිදුර පරික්ෂණ කටයුතු පැවැත්විමට නියමිතයි.