කඳුකරයේ ප්‍රධාන දිය ඇලි 05ක් කාසල්රී ඇතුලු ජලාශ තුනක ඉහළ ජලාධාර ප්‍රදේශ වල වන සංරක්ෂණය උදෙසා අක්කර 250ක රුක් රෝපණය කිරීමේ වැඩ සටහන පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය සිකුරාදා (18) කාසල් රී ජලාශය අසළින් ආරම්භ කළේය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ පිළිවෙළ ආරම්භ වූ අතර බොගවන්තලාව වැවිළි සමාගම ඊට පූර්ණ අනුග්‍රහය දත්වනු ලබයි.
රජයේ මුදල් වැය නොකරමින් මුලුමනින්ම පුද්ගලික අංශයේ ප්රමුඛ සහයෝගය ලබා ගනිමින් මෙම රුක්රෝපණ වැඩ සටහන ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධව බොගවන්තලාව වැවිලි සමාගම හා පරිසර අමාත්‍යාංශය විසින් එකගතා පත්රයකට ද අත්සන් තබනු ලැබීය.
ඊට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාත්, බොගවන්තලාව වැවිලි සමාගම වෙනුවෙන් එම සමාගමේ සභාපති දිනේශ් අම්බානි මහතාත් අත්සන් තබනු ලැබීය.