දිය ඇල්ලකින් පහළට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කළ (23) හැවිරිදි තරුණයෙකුගේ ජිවිතය බේරා ගැනිමට හැටන් පොලීසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් අද (16දා) දින සමත්විය.
හැටන් ඇබොස්ලි වතුයායේ සිට මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ජලය ගලා බසිනා ඇබොස්ලි වත්ත හරහා ගලා බසිනා දිය ඇල්ලට ඉහළින් පිහිටි ගල් තලාවක් මත තරුණයෙකු රැදි සිටින බව දුටු එම වතු යායේ වතු කම්කරුවෙකු පිළිබදව හැටන් පොලීසියේ අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති උපොප ප්‍රදිප් මහතා වෙත දැනුම් දිමත් සමග හැටන් පොලීසියේ නිලධාරින් පිරිසක් එම දිය ඇල්ල අසළට ක්ෂණිකව ගොස් ස්ථාන කිහිපයකින් තරුණයා වෙත ළඟා වී සිය දිවි හානි කර ගැනිමට තැත්කල තරුණයා බේරා ගැනීමට සමත්ව ඇත.
මානසික රෝගයකින් පෙලෙන බව පවසන හැවිරිදි එම තරුණයා හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු බවත්, දෙමව්පියන් සමග උරණ වී සිය දිවි හානි කර ගන්නා බව පවසමින් අද නිවසින් පැමිණි බව තරුණයාගේ මව හැටන් පොලීසියට පවසා තිබේ.
පොලිස් භාරයට ගැණුනු තරුණයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් මත එම තරුණයා මානසික වෛද්‍යවරයෙකු ඉදිරිපත් කර අධිකරණ නියෝගයකින් යළිත් එම තරුණයා ඔහුගේ දෙමව්පියන් වෙත භාර දිමට කටයුතු කරන බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එස්.පලිපාන මහතා කියා සිටියේය.
VIDEO