අම්බලන්ගොඩ, අකුරල මුහුදු තීරයේ දියනාමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදි බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (20දා) සවස මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 66ක් වන ජයම්පති සිරි මහින්ද හා අවුරුදු 17ක් වන මිතුන් සත්සර යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.