දියවන්නා ජලාශය ආශ්‍රිතව වාර්තා වී ඇති ඇල්ගී තීව්ර ලෙස වර්ධනය වීමට හේතුවෙඅධික ලෙස පෝශ්යකාරක ද්‍රව්‍යයන් ජලාශයට එක්වීම නිසා බව තහවුරු වී ඇතැයි විශේෂඥයින් විසින් අද දින (27) තහවුරු කරනු ලැබුහ.
දියවන්නා ජලාශය ආශ්‍රිතව ජල දූෂණය පාලනය කිරීම හා එහි තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා කාර්ය සාධන බලකායක් පිහිටුවීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ . ඒ සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබේ.
මෙම කාර්ය සාධක බලකායට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාපති ලෙස පත් කිරීමට යෝජිතය.සෙසු සාමාජිකයින් ලෙස ආචාර්ය මාහාචාර්යවරු කිහිප දෙනෙක් නම් කර තිබේ. පාර්ශ්වකාර ආයතන කිහිපයක් ද ඊට අයත්ය.
මේ අතර මෙම කාරණය සම්බන්ධව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ දැනුම සහිත පාර්ශ්ව කිහිපයක් සමග අද දින පරිසර අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විනි.
එම විශේෂඥයින් පෙන්වා දුන්නේ මෙම ඇල්ගී වර්ධනයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ දියවන්නා ජලාශයට පෝෂණකාරක වශයෙන් සැළකෙන පොස්පරස් හා නයිට්රජන් එක්රැස්වීම බව පෙන්වා දුන්නේය. ජලයට එක්වෙන නයිට්රජන් හා පොස්පරස් අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය ශාක දියවන්නා ජලාශයේ නොමැත.
එමෙන්ම මෙහි ඇති මඩ තට්ටුව තුළ ඉහත සඳහන් කළ පෝෂණකාරක තැම්පත්වීම වැළැක්වීමට පියවර ගත යුතුව ඇතැයි ද මෙම සාකච්ඡාවට සහභාගි වු විශේෂඥ පාර්ශ්ව විසින් පෙන්වා දුන්නේය.
එමනිසා ජලයට එකතුවන නයිට්රජන් හා පොස්පරස් විසින් ඇල්ගි වර්ධනයට හේතුවන බවත්, මෙම ඇල්ගී මරා දැමීම ගැටළුව තවත් බරපතල කරනු ලැබිය හැකි අතර එමගින් වර්ධනය විය හැකි බැක්ටීරියා නිසා අධික දුර්ගන්ධයක් අවට පැතිර යා හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ.
කෙසේ වුවද මේ සම්බන්ධව කඩිනමින් පියවර ගන්නා ලෙස කතානායකතුමන් විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දී ඇති උපදෙස් අනුව අනිද්දා (29) සිට ම මෙම කාරණය සම්බන්ධයෙන් වැඩ කටයුතු ඇරඹීමට තීරණය කරනු ලැබීය.